Home

ඔබට පාඩම් නැරඹීමේදී යම් තාක්ෂණික ගැටළුවක් පැන නඟීනම් කරුණාකර පහත පියවර උත්සාහ කොට බලන්න

  1. ඔබ පාඩම් නැරඹීමට භාවිතා කරන්නේ Apple සමාගමෙන් නිපදවූ ඩිවයිස් එකක් නම් කරුණාකර Google Chrome බ්‍රව්සරය භාවිතා කර පාඩම් නරඹන්න. එවිටත් ගැටළුවක් පැමිණුනොත් ඔබගේ IOS/ Mac OS එක update කොට නැවත උත්සාහ කොට බලන්න. 
  2. ඔබගේ Web Browser එකේ Browser Cache Clear කර බලන්න.

Browser Cache Clear කරන ආකාරය:

Google Chrome : Clear cache & cookies - Computer - Google Account Help
Firefox : How to clear the Firefox cache | Firefox Help

  1. ඔබ භාවිතා කරන්නේ වෙනත් මොබයිල් ඩිවයිස් එකක් නම්, ඔබගේ ගූගල් ක්‍රෝම් (Google Chrome) ඇප් එක update  කර ඇද්දැයි පරීක්ෂා කරන්න. එසේ කිරීමෙන් පසුත් ගැටළුවක් ඇතිවනවානම් කරුණාකර ෆයර්ෆොක්ස් ඇප් එක (Firefox App) ඉන්ස්ටෝල් කොට ඒ හරහා පාඩම් නරඹන්න.
  2. ඔබ භාවිතා කරන්නේ PC එකක් නම් ගූගල් ක්‍රෝම් එක update  කර ඇත්දැයි පරීක්ෂා කොට බලන්න. එසේ කල පසුත් වීඩියෝ නොපෙනෙනවානම් සමහර විට ඔබ install කොට ඇති (AdBlock වැනි) extension එකක් නිසා විය හැක. එසේ නම් ෆයර්ෆොක්ස් (Firefox) වැනි බ්‍රව්සරයක් හරහා පාඩම් නැරඹිය හැක.
  3. ඔබ භාවිතා කරන්නේ පරිඝණකයක් නම්, ඔබගේ අන්තර්ජාල පහසුකම ලැබෙන්නේ Wi-Fi හරහා නම් ඒ වෙනුවට කෙලින්ම RJ-45 cable එකක් හරහා ඔබගේ පරිඝණකය අන්තර්ජාලයට සබඳ කොට බලන්න.
  4. ඔබ පාඩම් නැරඹීමට භාවිතා කරන්නේ ජංගම දුරකතනයක් නම්, ඔබගේ අන්තර්ජාල පහසුකම ලැබෙන්නේ Wi-Fi හරහා නම් ඒ වෙනුවට කෙලින්ම mobile data හරහා පාඩම් නරඹන්න උත්සාහ කරන්න.
  5. එමෙන්ම Browser Settings වලට ගොස් Third party cookies Allow කරන්න.
  6. ඉහත සියල්ල අසාර්ථක නම් ඔබගේ ඩිවයිස් එකේ Operating System එක Update කර බලන්න.
  7. එමෙන්ම පාඩම අතරමග නතර වූවොත් ඔබගේ අන්තර්ජාල සබඳකම සක්‍රීයදැයිද පරීක්ශා කර බලන්න.

ඉහත සියළු දේ උත්සාහ කොට ඒත් ඔබට වීඩියෝ නොපෙනේ නම් ගැටළුවෙහි screenshot එකක්ද සමගින් පහත ඊමේල් ලිපිනයට ඊමේල් එකක් එවන්න  [email protected] .

 

Support Team